Flick Club LogoFlick Club Logo
Medicine

මිනිසුන් රෝගයකින් මුදා ගන්නවාට වඩා සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා ඔවුන් යොමුකරවීම වෛද්‍යවරයකුගේ මූලික කාර්යභාරය බව මාගේ වැටහීමයි. සංවිධිත වෛද්‍ය විද්‍යාවට වඩා සාම්ප්‍රදායික, පාරම්පරික කර්මයෙන් එය එලෙසින්ම සිදුවන බව පැහැදිලි වන්නේ පූර්වාදර්ශයන් මගින් ඒ බව තහවුරු කර ඇති බැවිනි.

මෙම මුල් කෘතිය එළිදක්වන ලද වෛද්‍යවරයා ද බටහිර සංවිධිත වෛද්‍ය විද්‍යාව හදාරන ලද්දකු වන නමුත් වෛද්‍ය සේවයේ යෙදී සිටියදී සාම්ප්‍රදායික, පාරම්පරික වෛද්‍ය ක්‍රමයන්හි ඵලදායී බව අත්දැකීමෙන් වටහාගත්තෙකි. එය වටහා ගැන්මෙන් නොනැවතුණු ඔහු එය ක්‍රියාවෙන් මල්ඵල ගන්වා තිබේ. එහි එක් ප්‍රතිඵලයකි මෙම කෘතිය.